Sunday, June 15, 2008

කාර්මික විප්ලවයට පිටුබල සැපයූ සාධක


18 සහ 19 වැනි ශත වර්ෂවලදී එංගලන්තයේ කාර්මික ක්‍ෂ්ත්‍රයේ වෙනස්වීම් රාශියක් ඇතිවිය. අන් රටවලට පෙර එංගලන්තයේ ‍මෙවැන්නක් ඇතිවීමට, දියුනුවට බාධාවක්ව පැවති වැඩවසම් ක්‍රමය බිඳවැටීමත් සමග නිෂ්පාදන සාධක සංචලනයත් ස්වයංපෝෂිත බව අතුරු දහන්වීම කාර්මික භාණ්ඩ අලෙවියට හිතකර වීමත් බලපෑහ. මේ අනුව මුලින්ම ප්‍රවේණිදාස විමුන්තිය උදාවීම බ්‍රිතාන්‍යයේ සිදුවීමත් සමග ශ්‍රමය නිදහස් වීමත්,ඒකාධිකාර ලිහිල් වීමත් තරඟය වර්ධනය වීමත්, ‍ශ්‍රේණි ක්‍රමය බිඳවැටීමත් සිදුවිය. එමගින් කාර්මික වර්ධනය ඉක්මන්විය. මෙකල බ්‍රිතාන්‍යයේ දේශපාලන ස්ථාවරත්වය ද කාර්මික දියුණුවට වාසිදායක විය. අන් රටවලට වඩා බ්‍රිතාන්‍යය රජය කර්මාන්ත කරුවන්ට සහයෝගී වැඩපිළිවලක් අනුගමනය කිරීමත්, නිර්බාධවාදී ප්‍රතිපත්තියත්, ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් පැවති වාසිදායක තත්ත්වයත්, යටත් විජිතවලින් අඩුමිලට අමුද්‍රව්‍ය සපයාගත හැකි වීමත්, දියුණු ප්‍රවාහන පහසුකම් ද පුද්ගල ආකල්ප අතින් ප්‍රගතිශීලී ලක්ෂණ පෙන්නුම් කිරීමත්, කතෝලික පල්ලියෙන් මිදී කටයුතු කිරීම නිසා ලාභ ඉපයීම අන් රටවල් මෙන් පාපකාරී ක්‍රියාවක් ලෙස නොසැලකීම නිසා ලැබුණ පිටු බලයත් කාර්මික විප්ලවය ඇතිවීමට හේතු සාධක විය.